ජනපති ඇඳුම ඇඳගෙන ගෙවල් හදන තාත්තාගේ නම විකුණන මෝඩ කතා කියන අපේක්ෂකයා වැඩක් නෑ! ඔහු අපේක්ෂකයා කළොත් රටේ ආරක්ෂාව තහවුරු කරන්න ගෝඨාට ඡන්දේ දෙන්න! – එජාප මහගෙටි සිට සරත් ෆොන්සේකා සජිත්ගේ පට්ට ගසයි.. (video)

August 14, 2019 at 8:47 am | by emanisa.lk

මේ වන විට පක්ෂය විසින් තෝරා ගත් ජනාධිපති අපේක්ෂකයකු සහ තමා විසින්ම තමා තෝරාගත් ජනාධිපති අපේක්ෂකයකු රටේ සිටින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එක් ජනාධිපති අපේක්ෂකයකු කළු පාට ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් හැඳ වේදිකාවට පැමිණ ජනතාවට ආයුබෝවන් කී බව ද විනයගරුක නායකයන් අන් අයට ආදර්ශයයක් වන ආකාරයට කටයුතු කළ යුතු බව ද හෙතෙම පවසයි.

රටේ සියලු දෙනාගේ වැටුප පනස් දහස කිරීම, පොහොසතුන්ගේ සල්ලි අරගෙන දුප්පතුන්ට බෙදීම ආදී කිසිදු පදනමක් නැති කතා වේදිකාවල ඇසෙන බවත් රටේ එවැනි පඩි වැඩි කිරීමක් කළ හැකි ආර්ථික තත්ත්වයක් නොමැති බවත් පොහොසත් අයගේ සල්ලි කොල්ල කා දුප්පතුන්ට බෙදා දෙන්නට ජනාධිපති වන්නේ සරදියෙල් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

ඇතැමුන් තාත්තාගේ නම විකුණමින් තමා තාත්තා කළ ආකාරයට කටයුතු කරන බව පවසන බවත් ඔහු 1980-90 සමයේ ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දුන් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ත්‍රස්තවාදීන් එම ආයුධවලින් හමුදාවට පහර දී මාන්කුලම් කොකාවිල් අල්ලා ගත් බවත් අලිමංකඩ කඳවුරු යාපනය කොටුව වටකළේ එම ආයුධවලින් පහර දී බවත් ඔහු සිහිපත් කළේය.

පොලිස් නිලධාරීන් 600කට යටත් වීමට අණ දුන් පියා නිසා ඔවුන් සියලු දෙනා ඝාතනය වූ බවත් එහෙයින් තාත්තා කළ වැඩේ කරනවා යැයි කීම භයානක බවත් ජනතාව ඔවුන්ට රැවටිය යුතු නැති බවත් ඔහු පවසයි.

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ආරක්ෂාවට ප්‍රමුඛතාව දිය යුතු නිසා පොදුජන පෙරමුණ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කළ බවත් එය නිවැරදි තීන්දුවක් බවත් හෙතෙම පවසයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධව කටයුතු කළ කිසිවකු එජාපයේ නැති බවත් ඒ පිළිබඳ ඔවුන් අවධානය යොමු කළහොත් තමා පිළිබඳ ද කතා කරනු ඇති බවත් පවසන මන්ත්‍රීවරයා එසේ නොවන්නේ නම් ගෙවල් හදන කෙනාට අපේක්ෂකත්වය දෙනු ඇතැයි පැවසීය. තමාට එම අවස්ථාව ලැබුණොත් එය භාර ගන්නා බව ද ඔහු පැවසීය.

ගෙවල් හදන කෙනා දැමීමට පක්ෂය වැරදි තීන්දුවක් ගතහොත් ජනතාව පක්ෂ පාට නොව රට ගැන සිතා තීින්දුවක්ගත යුතු බවත් එය ජනතාවගේ වගකීම බවත් ඔහු අවධාරණය කළේය. ගෙවල් හදන අපේක්ෂකයා දිනවීමට හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ නොහැකි බවත් හෙතෙම පැවසීය.

අදටත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති බවට ආණ්ඩුව අදත් බොරු කියන බවත් මරාගෙන මැරීම ආයුධ පුහුණුව ලැබූ 50%ක් පමණ ත්‍රස්තවාදීන් අදත් රටේ නිදැල්ලේ සිටින බවත් ඔහු අනතුරු ඇඟෙව්වේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස