ජනපති අවුරුදු සුබ පැතුම් ප්‍රතික්ෂේප කරන්න කිසිවෙකුට බෑ! සියලු දෙනා එම සුබ පැතුම් පිළිගත යුතුමයි!

April 15, 2019 at 1:04 pm | by admin

ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද කෙටි පිණිවුඩ අවහිර කිරීමට කිසිදු පාරිභෝගිකයෙකුට නොහැකි බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන සමාගම වන ඩයලොග් සමාගම සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් එවන ලද අලුත් අවුරදු සුබ පැතුම අවහිර කළ ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් තව දුරටත් ලැබෙන බවට පාරිභෝගිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට ඔවුන් මෙසේ පිළිතුරු දී ඇත්තේ සමාගමේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේය.

මෙම පණිවුඩ යොමු කරන ලද්දේ ජනාධිපති කාර්යාලය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් කරන ලද ඉල්ලීමක් අනුව බවත් එම පණිවුඩය සියලුම පාරිභෝගිකයන් වෙත යවා ඇති බවත් සඳහන් කරන ඩයලොග් සමාගම එම පණිවුඩ යොමු කිරීම අවහිර කළ නොහැකි බවත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *