ජනපති අවවාදයෙන් පසු මහ බැංකුව ක්‍රියාත්මකයි! ලීසිං අක්‍රමිකතා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්! නිර්දේශ ලබාදෙන්න දෙසතියක කාලයක්!

June 17, 2020 at 9:26 pm | by emanisa.lk

මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදු වූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවේ ප‍්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නීති සහ අනුකූලතා අධ්‍යක්ෂ කේ පී පී සිරිකුමාර, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ ජේ පී ගම්ලත් එම කමිටුවේ සෙසු සාමාජිකයෝය.

මහ බැංකුවේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් විසින් ගණුදෙණු සිදු කරන සමාජය අනුමත නොකරන ක්‍රියා සහ ඒවා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම එම කමිටුවට පවරා තිබේ.

එම වාර්තාව දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස මහබැංකු අධිපතිවරයා නියෝග කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස