ජනපති අපේක්ෂක සටනින් සජිත් පරදියි! හරීන් ප්‍රනාන්දු පොහොට්ටුවට!

August 8, 2019 at 5:25 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට එජාපය තුළ සටනක් කරන ඇමති හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට කෘත්‍යාධිකාරී මණ්ඩල බලය හිමි බවත් ඔහු සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙනවා පමණක් නොව තමන්ට එරෙහි වූ සියලු දෙනා පක්ෂයෙන් පන්නා දමන බවත් පැවසූ මන්ත්‍රීවරයා හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට තමන් සමග එක්වීම හැර විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.

වසර 25ක් පුරා සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහට පරදින බවත් ඔහු වෙනුවෙන් රනිල් සමග ගැටුණු සියලු දෙනා අවසානයේ තම කඳවුරේ නතර වූ බව හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස