ජනපති අපට අපහාස කළා! අපිට මාසෙකට ලැබෙන්නේ ලක්ෂ 02යි! ඒක සති දෙකකටත් මදියි! – එජාපය

August 8, 2019 at 10:29 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව ලක්ෂ හතරකට අධික වැටුප් සහ දීමනා ලැබෙන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ එජාප මන්ත්‍රීවරු ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී සිය බලවත් විරෝධය පළ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රු. ලක්ෂ 4ක් මාසයකට ලැබෙනවා යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අසත්‍ය බවත් මාසිකව රු. 54 000ක වැටුපක් සහ සියලු දීමනා ඇතුළත්ව ලක්ෂ 2ක පමණ මුදලක් තමන්ට ලැබෙන බව එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසුවේය.

ජනාධිපතිවරයා අපට කළ හැකි උපරිම අපහාසය කළ බව සඳහන් කළ එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කළේ සිය වැටුප සහ සියලු දීමනා ඇතුළත් ලක්ෂ දෙකක පමණ මුදල සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවය. දවසකට ඩීසල් වියදම පමණක් රු. 5000ක් පමණ වන බව හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස