ජනපති අනුර එක්ක වැඩ කරන්න සූදානම්…! – සුමන්දිරන්…

September 13, 2024 at 10:00 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළහොත් ඔහු සමඟ වැඩ කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ජාතික ජන බලවේගය සමග එකට වැඩ කළ හැකි කලාප කිහිපයක් තිබෙන අතර දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලිය ඉන් එකක් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිදු වූ දැවැන්ත සීනි බදු වංචාවට එරෙහිව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති විසින් පවරා තිබෙන නඩුවේ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *