ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ දිවයියෙන් පිටත්ව ගොස් තිබේ.
එළඹෙන 17 වනදා දක්වා එතුමා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දියාවේ මාර්ග දෙපස ඔහුගේ පින්තූර සහිත පුවරු සවි කොට ඇති අතර ඒවායේ සිංහල සහ හින්දි භාෂාව යොදා ගෙන ඇති අයුරු දැකගත හැකිය.