අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ පසුව මුලින්ම කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කිරීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
“දැන් අනුර දිසානායක සහෝදරයාගෙ වත්කම් බැරකම් ඔහු කියලා තියෙන ප්‍රමාණයට වඩා රනිල් වික්‍රමසිංහගේ අඩුයි කියනවා නම් ඒකම පිළිගන්නවාද මේ රටේ මිනිස්සු? ඒකම බොරුවක්නෙ. එතනත් වංචාවක්නෙ කරලා තියෙන්නෙ.
මොකද මේ රටේ ජනතාව දන්නවා හොඳටම රනිල් වික්‍රමසිංහලා හම්බකරගත්ත ඒවා කොහොමද තියෙන්නෙ කියලා. මහ බැංකුවෙන් ගහපුවා තියෙනවා, ඒවා හැබැයි ඔය එකවුන්ට්වල නෙවෙයි තියෙන්නෙ. ඒවා තියෙන්නෙ වෙන එකවුන්ට්වල. ඒකත් හංගලා තමයි ගහලා තියෙන්නෙ.
රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය හරිද කියලා හොයන එක මං හිතන්නෙ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනෙ වැඩක්.”
සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.