ජනපති අතින් සම්මාන ලැබූ යසුෂි අකාෂි එසැනින් ගෝඨාගේ නිවසේ!

August 21, 2019 at 5:04 pm | by emanisa.lk

පසුගිය 19 වෙනිදා ජපන් විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසීමට ඔහුගේ නිවසටම ගියේය.

ඔහු ලංකාවට පැමිණ තිබුණේ කොළඹ පැවති ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වීම පිණිසය. එහිදී විදේශිකයකු සඳහා පිදෙන ඉහළ සම්මානය වන ශ්‍රී ලංකා රත්න සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යසුෂි අකාෂිට ප්‍රදානය කළේය.

කොටි ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම සමයේ අකාෂි ශ්‍රී ලංකාවේ සමීත මිතුරකු ලෙස කටයුතු කළේය.

එකල ලංකාවට එල්ල වූ විදෙස් බලපෑම්වලට යසුෂි අකාෂි එරෙහි වූ අතර ශ‍්‍රී ලංකාවේ ස්වෛරීයභාවයට හා භෞමික අඛණ්ඩතාවට හානියක් වන ආකාරයේ විදේශ ඇඟිලි ගැසීම් සිදුනොවිය යුතු යැයි අවධාරණය කෙළේය.

ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගත් ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බවත් එම සහන වැඩපිළිවෙළ සඳහා ජපානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම මෙහෙයුම් සමයේ ලංකාවට පැමිණි අකාෂි ලෝකටයම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස