හම්බන්තොට වරායේ චීනයට බදු දී ඇති කොටසේ මෙතෙක් පවත්වා ගෙන ගිය ශ්රී ලංකා නාවික කඳවුර වහා ම බදු නොදුන් ශ්රී ලංකාවට අයත් කොටසට ගෙන එන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇත.
මේ සඳහා ජනාධිපතිවරයා චීන රජය සමග සාකච්ඡා කිරීමෙන් පසු චීන බලධාරීන් ඊට එකඟ වී තිබේ.
මෙලෙස ශ්රී ලංකා නාවික හමුදාව හම්බන්තොට වරායේ ශ්රී ලාංකික කොටසේ ස්ථාපිත කිරීම නිසා මුළු වරාය අවට මුහුදු කලාපයේ නාවික කටයුතු විමර්ශනය කිරීමට හැකි වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට වරාය අවුරුදු 99ක් සඳහා චීනයට බදු දුන් යහපාලන ආණ්ඩුව දකුණේ ප්රධාන නාවික හමුදා කඳවුර එම බදු භූමියට ගෙන යාමට ද සැලසුම් කළේ ය.