ජනපතිඳුගේ වැඩපිළිවෙළ විශිෂ්ටයි! සහය නොදී කුහක වෙන්න බෑ! අනුරාධපුර ජවිපෙ මන්ත්‍රී පොහොට්ටුවට! පෙරටුගාමී සංවිධායක ඔහු පිටුපස!

June 28, 2020 at 11:38 am | by emanisa.lk

ජනාධිපතිතුමන්ගේ පැහැදිලි වැඩපිළිවෙළ හමුවේ තවදුරටත් එතුමන්ට සහය නොදී සිටීම රටට ආදරය කරන කිසිවකුට හෝ සිදු කළ නොහැක්කක් බව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී කේ.ජී. නන්දසිරි ඊයේ (27) සවස රාජාංගන මංසන්දියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක දී පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ ප්‍රධානියකු වන නන්දසිරි වැඩි දුරටත් පැවසුවේ ඉදිරි මහා මැතිවරණයේදී තමා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමනගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවය.

මහාචාර්ය ජයසුමන වැන්නකුට සහාය නොදේ නම් ඒ කුහකකමක් බවත් පක්ෂ බේදයකින් තොරව මෙවැනි විද්වතුන් පාර්ලිමේන්තු යැවීමට අද රජරට ජනතාව බලා සිටින බවත් හෙතෙම පැවසීය.

මෙහිදී සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වුයේ රාජාංගනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක කේ.ඒ. සෙනවිරත්න ද මහාචාර්ය චන්න ජයසුමනට සහය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වීමයි.

එන්.ජේ. බණ්ඩාර / රාජාංගනය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස