ජනපතිට සෙත් පතන පිරිතට රාජ්‍ය සේවකයින්ගෙන් මුදල් ඉල්ලයි…!

April 24, 2023 at 11:01 am | by emanisa.lk

ජනාධිපතිවරයා ඇතුළු රජයට සහ රජයේ සේවකයන්ට සෙත් පැතීම සඳහා ජුනි මාසයේ පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන රුපියල් ලක්ෂ හතකට අධික මුදල රජයේ සේවකයන්ගෙන් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

එම ලිපියට අනුව, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා එම අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ද, පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක්ද, අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දහසක මුදලක්ද, සෙසු නිලධාරියෙකුගෙන් කැමැත්ත පරිදි අවම වශයෙන් රුපියල් සියයක් හෝ ඊට වැඩි මුදලක් එකතු කෙරේ.

මෙලෙස රජයේ සේවකයන්ගෙන් මුදල් එකතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්ම නිකුත් කරන ලද ආයතන සංග්‍රහය උල්ලංඝණය කරමින් බවත්, නිලධාරීන්ගෙන් මුදල් එකතු කර ආණ්ඩුවට සෙත්පතා පිරිතක් පවත්වනු ලබන්නේ කුමන කාරණයකට දැයි රජයේ සේවකයෝ විමසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස