ජනපතිට එරෙහි විශ්වාසභංගය කතානායක ඉවත දමයි…!

May 9, 2022 at 7:53 am | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයට ම භාර ගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් මිස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති හෙයින් යෝජනාව සංශෝධනය කර වෙනත් ගැළපෙන ආකාරයකින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස එම පක්ෂයේ නායකයන්ට කතානායකවරයා දැනටමත් දැනුම්දී ඇත.

තමාගේ අදහස ඒ පක්ෂයේ නායකයන් බොහෝ බොහෝ දෙනකු පිළිගත් බවත් ඒ අනුව එම යෝජනාව සමගි ජන බලවේගයේ නායකයන් සමඟ එකතු වී ගැළපෙන සහ නීතිමය වශයෙන් ඉදිරිපත් කළ හැකි ආකාරයට සකස් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන් බවත් හෙතෙම සඳහන් කළේ‍ය.

එසේම ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනටමත් උපදෙස් ඉල්ලා ඇති බව පැවසූ කතානායකවරයා එම උපදෙස් ද අද හෙට ම ලැබීමට නියමිත බවත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව එක් විශ්වාසභංග යෝජනාවක් ද ජනාධිපතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් ද කතානායකවරයාට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *