සිංහල උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමාජජාල ගිණුම් හසුරුවන්නන් වෙත පණිවිඩයක් ලබා දී ඇත.
ජනාධිපතිවරයාගේ සමාජජාල ගිණුමේ පළ කර තිබූ සටහනක අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම ප්‍රශ්න කරමින් ඔහු මෙම සටහන තබා තිබේ.
එසේ ම රාජ්‍ය නායකයාගේ ප්‍රකාශයක් ලේඛනගත කිරීමේ දී මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි සන්නස්ගල අවවාද කර ඇත.
මෙම වරද පෙන්වා දීම සමඟ ජනාධිපතිවරයාගේ ගිණුමේ පැවැති අඩුපාඩු සකස් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබිණි.