ජනපතිගේ ගුවන් යානය කඩා වැටුණැයි ෆේස්බුක්හි දැමූ සරසවි සිසුවා බන්ධනාගාරයට යද්දී ජනාධිපතුමා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙයි!

May 16, 2019 at 7:16 am | by admin

පසුගිය දා චීන සංචාරයේ නියුතු ජනාධිපතිවරයා ගමන්ගත් ගුවන් යානය අනතුරකට ලක්වූ බවට විහිළුවක් ෆේස්බුක්හි පළකළ විශ්වවිද්‍යාල සිසුවකු එළඹෙන 23 වෙනිදා දක්වා බන්ධනාගරගත කර තිබේ. මේ සිසුවා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සංඛ ප්‍රමෝද් ආරියවංශ නම් සිසුවෙකි.

මෙය අදාළ සැකකරු නිර්මාණය කළ පෝස්ටුවක් නොව අන්තර්ජාලයේ පැවති පෝස්ටුවක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීම පමණක් බව පවසා කර බව පවසමින් ඔහුගේ නීතිඥයා ඇප ඉල්ලා සිටියේය.

මෙය ඉතාම සංයමයෙන් කටයුතු කළ යුුතු කාලයක් මිස විහිළු කළ යුතු කාලයක් නොවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය විත්තිකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළාය.

මේ අතර චීන සංචාරය නිමා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන පෙරළා ලංකාවට පැමිණියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *