උතුරු මැද පළාතේ නව පොලිස් කොට්ඨාශයක් ලෙස තඹුත්තේගම නම් කර ඇත. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන්, තඹුත්තේගම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කර තිබේ.
තඹුත්තේගම පොලිස් කොට්ඨාසයට පොලිස් ස්ථාන 12ක් අයත් වන අතර මෙය 46 වන ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසය ලෙස ඉතිහාසයට එක් වේ.
ඉදිරියේ දී තඹුත්තේගමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ලබා දීමට ද සැලසුම් කර තිබේ.
තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ශක්‍යතා අධ්‍යයනයක් සඳහා පසුගිය අයවැයෙන් රු. මිලියන 100ක් වෙන් විය.