ජනපතිගේ කතාවෙන් ජනතා පැතුම් සුනුවිසුනු වුණා…වහා ඉල්ලා අස්වෙනු…! – සජිත්

June 27, 2021 at 7:33 am | by emanisa.lk

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව සහමුලින්ම ජනතා අපේක්ෂාවන් සුනුවිසුනු කළ කථාවක් බවත්, එමගින් ඔප්පු වූයේ ආණ්ඩුවේ නොහැකියාව සහ අසාර්ථකත්වය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතාව වෙනුවෙන් කඩිනමින් ඉටු විය යුතු කරුණා හයක් පිළිබඳව ජනාධිපති වරයාගේ අවධානය යොමු කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ බවත් අඩුම තරමේ ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමු නොකළ බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදී වෙමින් රට පාලනය කළ නොහැකි නම් වහා ඉල්ලා අස්වන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනකට එකතු වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස