ජනතා හඬට කන් නොදෙන කොන්ත්‍රාත්කාරයින්ට ජනතාව ප්‍රතිචාර දක්වයි….! – ප්‍රසන්න රණතුංග….

June 16, 2021 at 9:23 am | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම්වලදී ජනතා හඬට කන් නොදුනහොත් බරපතල ප්‍රති විපාක අත්විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.

ගම්පහ – වැරැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩුවලින් ගනු ලැබූ වැරදි තීරණ නිවැරදි කිරීමට බැවින් වර්තමාන රජය එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බවයි.

පසුගිය දා ගං වතුරෙන් යට වූ ගම්පහ සහ අත්තනගල්ල නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන බවයි.

නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනය කර තීරණයකට එළඹීමෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි සඳහන් කළේ මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට කිසිදු අවස්ථාවක තීරණයක් ගෙන නොමැති බවයි.

අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරීගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු එම නිවේදනයෙන් දක්වා තිබුණා.

එහෙත් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කළහොත් ඉදිකිරීම්වල නිරත කොන්ත්‍රාත්කරුවන්ට ජනතාව ප්‍රතිචාර දක්වනු ඇති බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කළ බවට පල වූ වාර්තා එම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස