ජනතා විශ්වාසය දිනූ ඍජු නායකයෙක් රටට අවශ්‍යයයි…! – රාමඤ්ඤ නිකායේ අනුනාහිමි….

July 20, 2024 at 5:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුද ජය ගැනීමට නම් පක්ෂ දේශපාලනයෙන් තොර සියලුම ජනතාවට විශ්වාස කළ හැකි ශක්තිමත්, අවංක, සෘජු තීරණ ගත හැකි නායකයෙකු බිහිවිය යුතුවන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති.

ශ්‍රී ලංකාව පෙර නුවූ විරූ දැඩි අර්බුදයකට මුහුණපා ඇති බව ද පාතාළ ක්‍රියාකාරකම් ඉහළ ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රිසි සේ ක්‍රියා කරන සමාජයක් බිහිව ඇතැයි ද එහිමියන් අවධාරණය කරති.

එසේ නොවුණහොත් රට තව දුරටත් අගාධයට යාම වැළැක්විය නොහැකි බවයි, උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ වන විට රට මුහුණ දී සිටින අර්බුද ජයගෙන ලෝකය හමුවේ අභිමානවත් ලෙස නැගී සිටිය හැකි නායකයෙකු පත්කර ගැනීම සඳහා වූ අදිටනින් හා වගකීමෙන් ක්‍රියාකළ යුතු වන බව ද උන්වහන්සේ තව දුරටත් සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *