ජනතාව 200%ක් කලකිරිලා…! රට හදන්න පුළුවන් මහින්දට විතරයි….! 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ මහින්දටයි..! – මුරුත්තෙට්ටුවේ හිමි…

October 20, 2021 at 10:41 pm | by emanisa.lk

පංචමහා බලවේගය කිපී පාරට බැසීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ රට භාරගෙන නිවැරදි දිශානතිය වෙත ගමන් කරවිය යුතු බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

”මහින්ද මහත්තයෝ තවදුරටත් රාජපක්ෂලා මේ රටේ බලය හොබවන්න අවශ්‍යි කියල හිතනවානම් දවසින් දවස පරිහානියට යන රට ආරක්ෂා කරගන්න දැන්වත් මැදිහත්වෙන්න. ඔබතුමාටයි 69 ලක්ෂයක් ජන්ද ලැබුණේ. ඔය කයිවාරු කාරයින්ට නෙවෙයි.

එදා ගෝඨාභය මහත්තය බලයට අපු වෙලාවේ අපේ තරුණයෝ තාප්පයක් ඉතිරි කළේ නැහැ. ලස්සනට පින්තුර සටහන් කළා. දැන් ඒ පින්තූරවල තීන්ත පාරවල් දෙකක් ගාන්න ඒ තරුණයෝ එන්නේ නැහැ. ඔක්කොම කලකිරිලා. මේක නිකන් ඇති වුණ කලකිරීමක් නෙවෙයි.

ඒ නිසා තව ප්‍රමාද නැහැ. ජන්දයක් එන්න කලින් මේ රට භාර ගන්න.ගෝඨාභය රාජපක්ෂ මහත්තය විරුද්ධ වෙන එකක් නැහැ. එහෙම විරුද්ධ වුණොත් එය ඔහු රටට කරන හානියක් කියන එකයි මම හිතන්නේ. කොහොම හරි කමක් නැහැ මහින්ද මහත්තයෝ මේ රට භාර ගන්න.

පංච මහා බලවේගයම කිපිලා පාරට බහින්න ඉස්සෙල්ල අපි කරන එකම ඉල්ලීම තමයි හදා ගත්ත ගෙයි අඩුපාඩු හදාගමු. නැත්නම් වෙනදෙයක් බලාගෙන ඉමු. රට ගොඩගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයට විතරයි. අපි ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඉන්නවා. මේ බෝල් හඬවලින් වැඩක් නැහැ.”

අද (20) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *