ජනතාව හාමතේ….! තවත් මට ඉවසන්න බෑ…! වහා ම මැතිවරණයක් තබනු…! – සජිත්…

September 11, 2021 at 9:34 pm | by emanisa.lk

මේ රට තවත් බංකොලොත් තත්ත්වයට ඇද නොදමා වහාම ඉල්ලා අස්වී ජනතාවට නව පාලනයක් තෝරා ගැනීම සඳහා ඉඩ ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලයි.

මේ වන විට ජනතාව හාමතේ දුක් ගින්නක සිටින බවත් ඒ දෙස බලා ගෙන තමන්ට තවත් ඉවසිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවා ජනතා හද ගැස්ම හඳුනන මූල්‍ය පාලන හැකියාවක් ඇති ආණ්ඩුවක් පත් කර ගැනීමට පුල පුලා සිටින බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගැනීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් ජනතාව තව දුරටත් ඉවසීමට සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස