ජනතාව ස්වයං සංචරණ සීමා දා ගන්න…! වෛද්‍ය උපදෙස් ලැබුනොත් රට වහනවා…! – රාජ්‍ය ඇමැති චන්න…

August 15, 2021 at 2:22 pm | by emanisa.lk

රට වැසීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

රට වසා දැමීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් නිර්දේශකර නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

රජය සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය හැම විටම බැඳී සිටින බවත් මහාචාර්යවරයා පැවසුවේය.

දේශපාලන පක්ෂවල බළල් අත් වී සිටින ඇතැම් පුද්ගලයන්ට අද වුවමනා වී ඇත්තේ ආණ්ඩුව කුමන හෝ අයුරකින් පෙරළීමට බව පැවසූ ඇමැති ජයසුමන ඒ පහත් උත්සාහය සඳහා කිසි විටෙකත් ඉඩ නොතබන බවද සඳහන් කළේය.

රට වැසීමට සෞඛ්‍ය අංශවලින් නිර්දේශ නිල වශයෙන් ලැබෙන්නේ නම් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන බවත් කවුරු කුමක් කීවත් රටේ එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයන් මේ මොහොතේදී අමතක කිරීමට රජයට නොහැකි බවත් චන්න ජයසුමන කීවේය.

රටේ පවතින තත්වය ගැන ජනාධිපතිවරයා ප්‍රධාන රජය නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස