ජනතාව සතුටින් බදු ගෙවති… වසරේ සුරාබදු ආදායම බිලියන 200 පනී…!

December 13, 2024 at 10:47 am | by emanisa.lk

මෙම වසරේ සුරා බදු ආදායම බිලියන 200 ඉක්මවා ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, 2024 වසරේදී අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක්වූ අතර එම ඉලක්කයෙන් නොවැම්බර් 30 වන විට රුපියල් බිලියන 200 ඉක්මවූ ආදායමක් රැස් කිරීමට සමත් වූ බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 120ක ඉතිහාසය තුළ බිලියන 200ක් ඉක්මවූ ආදායම්ක් ලබා ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම ආදායම් මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු පනත යටතේ බදු ලෙස උපයා ගන්නා ලද බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *