ජනතාව සති ගණන්වල දිවා රෑ පෝලිම්වල..! පොලිසිය මහ මග ගෑස් ලොරියක් නවතා ගෑස් බෙදා ගනී…!

June 23, 2022 at 9:51 am | by emanisa.lk

ගෑස් ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිස් නිලධාරීන් මහ මග නවත්වා ගෑස් සිලින්ඩර ලබා ගන්නා වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

පොලිසිය සිය බලය අවභාවිත කරමින් රට පුරා තෙල් පිරවුම්හල්වලින් අසීමිත ලෙස ඉන්ධන ලබා ගනිමින් ජාවාරම්වල නිරත වන බවට ද චෝදනා නැඟෙයි.

රට පුරා මේ දිනවල උග‍්‍ර ගෑස් හිගයක් පවතින අතර ලිත්‍රො ගෑස් සාමාන්‍ය වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර මීළඟ නෞකාවක් එන දිනයක් සඳහන් කර නැත.

ඒ අතර මාස ගණනකට පසු ලාෆ් සමාගම විසින් ඉතා සීමා සහිතව ගෑස් බෙදා හරිමින් සිටින අතර ඒවා ලබාගැනීම සඳහා ජනතාව සති ගණන්වල සිටී.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *