ජනතා විමුක්ති පෙරමුණ යටතේ හොරකම් නොකරන පාලනයක් ස්ථාපිත කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
දෙවනුව මෙතෙක් සොරා කෑ ධනය නැවත රජයට ගැනීම සඳහා වැඩසටහනක් සංවිධානය කරන බව ද ඔහු සඳහන් කරයි.
රටේ ජනතාවට ආර්ථික සහ සමාජීය වශයෙන් සිදුකළ යුතු වැඩ කරන්නේ ඉන් අනතුරුව බව ලාල් කාන්ත අවධාරණය කරයි.
ඒ සඳහා හැරවුමක් ගැනීමට ජනතාව එකතු විය යුතු බවත් එවිට ජවිපෙ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි බවත් ලාල් කාන්න වැඩි දුරටත් පෙන්වා දෙයි.