රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දින තුනක් තිස්සේ සිදු කරන වැඩ වර්ජනය හේතුවෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රාදේශිය රෝහල් අවට රෝගින් දැඩි අසීරුතාවයට පත් වි ඇත.
රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා නොදිම හමුවේ රෝගින් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ගැනිමට දිගුපොලිම්වල රැදි සිටින ආකාරයක් දක්නට හැකි විය.
එම රෝගින් කියා සිටියේ රජයේ බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා නොදිම නිසා පවතින දැඩි ජිවන වියදම හමුවේ වුවද එම බෙහෙත් ශාලාවලට විශාල මුදලක් ගෙවා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වි ඇති බවයි.