රටක් දියුණු කිරීමට නම් රට වැසියන් අභිප්‍රේරණය කිරීම අනිවාර්ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
රටේ කෙතරම් සම්පත් තිබුණ ද ජනතාව පසුගාමී නම් එම රට දියුණු නොවන බවයි, ඔහු අවධාරණය කළේ. අද ජනතාව සම්පූර්ණයෙන් ම ඍණාත්මක වී කලකිරීමෙන් යුතුව කෙළවිලාම යන්න එක්තරා පිරිසකට ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කළ ද එය විසඳුම නොවන බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කළේය.
කෙතරම් අභියෝග කළත් විවාදයට නොඑන අනුර දිසානායකට හැකි නම් තමන් බලයට පත්ව ජනතාවට unic ID එක දෙන දවස පවසන ලෙස ද හෙතෙම අභියෝග කළේය. එසේ කළහොත් තව දුරටත් සහෝදරයකු ගෙවල් හදා දුන්නේ යැයි ද මූලස්ථානය හදා දුන්නේ යැයි ද ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත් ලබා දුන්නේ යැයි ප්‍රකාශ කළ නොහැකි බව ද දිලිත් ජයවීර අවධාරණය කළේය.
ඊයේ (10) ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පැවැති හමුවක දී හෙතෙම මේ බව කීය.