ජනතාව භීතියට පත් කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි….! – රාජ්‍ය ඇමැති විදුර….

August 14, 2021 at 11:17 am | by emanisa.lk

මිනිසුන්ගේ ඉරණම තීන්දු කළ යුත්තේ මිනිසුන් බවත් එසේ කිරීමට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

එසේ ම එම වගකීම ඉටු කළ නොහැකි ඇමැතිවරුන් වේ නම් ඔවුන් ද ඉල්ලා අස්විය යුතු බව ඔහු අවධාරණය කරයි.

රජයක වගකීම මරණ භයෙන් සිටින ජනතාව තවත් ඒ වෙත තල්ලු කිරීම නොව කොවිඩ් වසංගතය පරදා මරණ භය තුරන් කිරීම බව ද විදුර වික්‍රමනායක සඳහන් කළේ ය.

ගාලු උරුමයේ පදනමේ පැවැති සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *