ජනතාව නැඳුන්ගමුවේ හස්තියා වගේ වෙනවා නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා….! – ඩලස්.

August 25, 2021 at 8:46 am | by emanisa.lk

රටේ ජනතාව ස්වයං විනයක් ඇතිව කටයුතු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

දළදා මාළිගාවේ සිට කරඬුව දරාගෙන පෙරහැර කරවීමට පැමිණි නැඳුන්ගමුවේ හස්තියා පාවඩය හැකිළුණු තැනක නතර වූ බව ඔහු පෙන්වා දෙයි.

අනතුරුව එම පාවඩය සිය හොඬවැලින් හදාගෙන හස්තියා ඉදිරියට ගමන් කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙවැනි දුෂ්කර අවස්ථාවක දේශපාලකයන් මෙන් ම ජනතාවත් නැඳුන්ගමුවේ හස්තියා ආදර්ශයට ගෙන ස්වයං විනයක් පවත්වා ගෙන යන්නේ නම් රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇතැයි ඔහු අවධාරණය කළේ ය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *