හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අලුත්වැඩියාවට මිලියන 700-800ක් වියදම් කර ඇත්තේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ කාලයේදී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසයි.
“මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස එතුමාගේ දේශපාලන කටයුතුවලට අවශ්‍ය විදිහට ඒක හදාගත්තා. හැබැයි ඒක හදාගත්ත වෙලාව නම් හොඳ වෙලාවක් නෙවෙයි.
රට බංකොළොත් වෙලා යන එන මන් නැතුව තෙල්, බෙහෙත්, ගෑස් නැතුව ඉන්න කාලේ තමයි ඔය මිලියන හත් අටසීය වියදම් කරලා ගේ හැදුවේ. ඒවා එච්චර හොඳ වැඩ නෙවෙයි.
හැබැයි ඔහුට ගෙයක් ඕනේ. මන් හිතන්නේ නැ, ඒ ගේ ඔහුගෙන් අයින් කරගන්නත් පුළුවන් වෙයි කියලා.”
එස්.බී. දිසානායක මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.