ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එහෙයින් ලබාදී ඇති සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කරන ලෙස අද (21) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
පළාත් සංචරණ සීමා පනවා ඇති මොහොතක බොහෝ පිරිස් සංචාරක ස්ථානවලට ගොස් ඇති අයුරු දක්නට ලැබුණු බවත්, ඔවුන් කිසිවෙක් අවම වශයෙන් මුඛ ආවරණයක් හෝ පැළඳ නොසිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ජනතාව සෞඛ්‍ය පුරුදු අවම වශයෙන් දෙසැම්බර් මස අවසන් වන තුරු පිළිපැඳිය යුතු අතර එන්නත් දෙකම ලබා ගෙන තිබුණත් වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාවක් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.