ජනතාව ඡන්දය දෙන කෙනා තීරණය කරලා ඉවරයි! යටිගිරියෙන් කෑ ගහලා ජනමතය වෙනස් කරන්න බෑ! – කාදිනල්තුමා

October 9, 2019 at 10:12 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන ආකාරය පිළිබඳ ජනතාව තීන්දු කර අවසන් බවත් වේදිකාවල කෙතරම් කෑ මොර ගැහුවත් එය වෙනස් නොවන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

ශ්‍රීි ලංකාවේ ඡන්දයක් යැයි පවසන්නේ එකිනෙකාට දොස් තබා ගැනීමක් සහ යටිගිරියෙන් කෑ ගැසීමක් බවත් ශබ්දය වැඩි වූ තරමට ජනතාවට ඊට එකඟ වේ යැයි සිතීම විහිළුවක් බවත් එහිමියන් සඳහන් කළේය.

මේ රටේ ජනතාව මෝඩයන් නොවන බවත් බුද්ධිමත් ලෙස ඡන්දය පාවිච්චි කරන බවත් කාදිනල්තුමා ප්‍රකාශ කළේ කළුතර උතුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස