ජනතාව ගෑස් පෝලීම්වල දුක් විඳිද්දි ලිට්‍රො ලොක්කන්ට ලක්ෂ තිහේ වැටුප්…!

April 29, 2022 at 5:29 pm | by emanisa.lk

ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානියකුට මාසිකව රුපියල් ලක්‍ෂ 30 වැනි ඉතාම විශාල වැටුපක් ලබන බවට දැනගන්නට ලැබී ඇති බවත් එවැනි වැටුපක් ලබන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නොමැති බවත් හෙතෙම කීය.

මෙම සුපිරි වැටුප්වලට එරෙහිව විරෝධය දැක්වීමට ලිට්‍රෝ සමාගමට එන බව ද අසේල බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *