ජනතාව කිරිපිටි නෑ කියා ගෙන පන්සලට එනවා…! පාලකයොත් පටි තද කර ගන්න ඕන…! මාසික වැටුප් දීමනා කොටසක් පරිත්‍යාග කළ යුතුයි…! – ඇල්ලේ ගුණවංශ හිමි…

June 18, 2021 at 10:34 am | by emanisa.lk

පවතින කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ ජනතාවට පමණක් දුෂ්කරතා විඳ දරා ගනිමින් ක්‍රියා කරන ලෙස ප්‍රකාශ කිරීම කිසිසේත් සුදුසු නොවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු, කරන පරිත්‍යාගය මොකද්ද? අති විශාල ධනස්කන්ධයක් ලබනවානේ මාස්පතා වැටුප් හැටියට.

යාන වාහන, දුරකථන මේ සියලු පහසුකම් ලැබිලා තියෙනවා ඒ මන්ත්‍රීවරුන්ට. ඒ මන්ත්‍රීවරු සියයට ගාණක් හෝ රජයට පරිත්‍යාග කළ යුතුයි ජනතාව මේ තරම් පරිත්‍යාග කරනවා නම්. ආර්ථික අර්බුදයක දී එවැනි පරමාදර්ශී චරිත බවට දේශපාලනඥයින් පත්විය යුතුයි නේද?

අපිට පුළුවන් විදියට අපි මිනිස්සුන්ට උදව් උපකාර කරගෙන යනවා. කන්න නෑ කියලා කෝල් කරලා අපේ පන්සල්වලට මිනිස්සු එනවා. කිරිපිටි නෑ කියලා එනවා. අපිටත් ලොකු ගැටලුවක්. සියලු පක්ෂවල දේශපාලනඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න මේ රට වෙනුවෙන්. ජනතාවට විතරක් පටි තද කරන්න කියන එකට අපි විරුද්ධයි.‍”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස