ජනතාව ඇවිස්සෙන්න කලින් වහාම 21 සම්මත කරනු…!

June 6, 2022 at 2:23 pm | by emanisa.lk

ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් සම්මත කර ගත යුතුව ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

එම නිසා තවදුරටත් ප්‍රමාද නොකර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට මන්ත්‍රීවරු වගබලා ගත යුතුව ඇති බව උන්වහන්සේ පැවසූහ.

අද දවසේ රට පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු වන්නේ ද මෙම මැති ඇමතිවරුවන හෙයින් එය නිවැරදි කර ගැනීමට දැන් හෝ සිය යුතුකම ඉටු කළ යුතුව ඇති බවත් එසේ නොවන්නේ නම් මහ ජනතාවගේ ප්‍රතික්‍රියාවන්ට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි සෝභිත ස්වාමීන් වහන්සේ කියාසිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *