එජාප-සජබ සාකච්ඡා සාර්ථක නම් එම කණ්ඩායමේ නායකයා සහ මහ ලේකම් කවුදැයි ප්‍රකාශ කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අභියෝග කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයට වැලේ නැතිව සිටින අතර එදා වේල ගත කිරීමට කුමක් හෝ අල්ලා ගන්නා බවයි.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඉහළින්ම අනුමත කරන බව තමන්ට විශ්වාස බව ද නලින්ද ජයතිස්ස විශ්වාසය පළ කරයි.