මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 35කට අධික පිරිසක් සිය ඡන්දය භාවිත කර නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
“එක්කොටි හැත්ත එක් ලක්ෂයෙන් තිස් පන් ලක්ෂ විසිදහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක් ඡන්දය භාවිත කරලා නෑ. එය ප්‍රතිශතයක් විදිහට 21.54%ක්.
සාමාන්‍යෙයන් ජනාධිපතිවරණකදි ගත්තොත් 80%කට එහා වගේ ප්‍රතිශතයකට ඡන්ද වැටීමක් සිදුවෙනවා. නමුත් මේ පාර ඊට වඩා අඩු ප්‍රමාණයක් ඡන්ද භාවිත වුණේ. මේ සඳහා කොමිෂන් සභා පැත්තෙන් විතරක් නෙමෙයි අපිට හිතන්නට වෙන්නේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන ඒමේ කාර්යභාරය තියන්නේ දේශපාලන පක්ෂවලට.
අපි ඒ අවශ්‍ය පහසුකම සැපයීම තමයි සිදුකරන්නේ. අපි ඉල්ලන්නේ දේශපාලන පක්ෂවලින් ඒ සඳහා යම් ආකාරයකට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා”
අද දෙරණ Big Focus වැඩසටහනට එක් වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කීය.