ජනතාව අතුරුදන් කළ හමුදා සෙබළුන් ආරක්ෂා කළ අය අද රහස් පොලිසිය දඩයම් කරනවා! – නලින් බණ්ඩාර

December 3, 2019 at 3:57 pm | by emanisa.lk

පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්වලට සම්බන්ධ හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන විට රණවිරුවන් දඩයම් කරනවා යැයි යහපාලන ආණ්ඩුවට චෝදනා කළ පුද්ගලයන් දැන් රහස් පොලීසිය දඩයම් කරමින්, රහස් පොලිස් නිළධාරීන් භීතියට පත් කරමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි..

මේ වනවිට රහස් පොලිස් නිළධාරීන් මාරු කරමින් වක්‍ර තර්ජන එල්ල කරමින් ඔවුන්ගේ කටයුතුවලට බාධා සිදුකරන බවයි අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ හරහා රට තුළ යම් ව්‍යකූලභාවයක් ඇතිව තිබෙන බවත්, එහි අනිසි ප්‍රතිවිපාක අවසානයේ විඳින්නට සිදුවන්නේ ජනතාවට බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස