ජනතාවනි, දුර්දාන්ත ආණ්ඩුවෙන් ජීවත්වීමේ අයිතිය රැකගන්න මහ පාරේ සටනට එනු…! – සජිත්ගෙන්…

November 13, 2021 at 10:38 pm | by emanisa.lk

වගා හානී සඳහා වන්දි ගෙවීමට අයවැයෙන් තඹ සතයක් වෙන් කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පොහොර ලබා නොදීම තුළ ගොවිතැන් විනාශ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (13) ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

“ජනතා රැල්ල කාටවත් නතර කරන්න බෑ. ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ දුර්දාන්ත ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බැහලා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට පෙරට එන්න කියලා. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *