ජනතාවට මගුල් කන්න එපා කියන ආණ්ඩුව වැඩට එන්න කියන්නේ කොවිඩ් මරණ වැඩි කරන්න ද? – මුජිබර් රහුමාන්….

August 1, 2021 at 7:55 am | by emanisa.lk

ජනතාවට නිරෝධායන නීති රකින ලෙස උපදෙස් දෙන ආණ්ඩුව නැවත සේවයට වාර්තා කරන ලෙස ද නියෝග කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ ජනාධිපති ලේක්ම්වරයා රාජ්‍ය සේවකයින් නැවත සේවයට කැඳවීම අතර පරස්පරයක් ඇතැයි මන්ත්‍රීවරය ප්‍රකාශ කරයි.

මේ නිසා කොළඹ ඇතුළු නගරවලට ජනතාව නැවත ඒකරාශී වන බවත් ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති නිසා පොදු මගී ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් ජනතාව නැවත සේවයට කැඳවන්නේ කොවිඩ් රෝගීන් සහ මරණ නැවත වැඩි කිරීමට දැයි මුජිබර් රහුමාන් ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *