ජනතාවට තවත් සහනයක්! ඇඳිරි නීතිය මැද චූන් පාන් ගෙදරටම!

March 23, 2020 at 9:10 am | by emanisa.lk

බේකරි නිෂ්පාදන බෙදා හරින ජංගම රථ හෙවත් චූන් පාන් රථවලට තම නිෂ්පාදන බෙදා හැරීමට ආණ්ඩුව අවසර දී තිබේ.

ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය සහ දැඩි කොන්දේසි යටතේය.

මේ අනුව එම රථ වලට නගර ආසන්නයේ හෝ වෙනත් කිසිඳු තැනක නිකරුණේ ගැවසීමට හෝ නවතා තැබීමට අවසර නොමැති අතර නිවෙස් වෙත ගොස් පමණක් බෙදා හැරීම සිදු කළ යුතුය.

එමෙන්ම චූන් පාන් බෙදා හරින්නන් මුඛාවරණ සහ අත් ආවරණ පැළදීමද අනිවාර්ය වන අතර ආහාර අතින් ඇල්ලීම සිදු නොකර උපකරණයක් භාවිත කළ යුතුය.

එමෙන්ම මිළදී ගැනීමේදී පිරිස් එක් රැස් නොවන ලෙස එය කරන ලෙසත් සියලුම මිළදී ගැනීම්වලින් පසු දෑත් පිරිසිඳු කර ගන්නා ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස