සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් තව දුරටත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරන ලද ගිවිසුමේ අන්තර්ගතයට අනුව පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත .
ඒ අතුරින් දැනට උපයන විට ගෙවන බද්දේ බදු රහිත සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දැමීම, දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට යෝගට් සහ කිරි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීම, අපනයන සේවා සඳහා බද්ද 30% සිට 15% දක්වා අඩු කිරීම, ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 6000 දීමනාවක් ලබා දීම, පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීම, ධීවර ජනතාවට සඳහා භූමිතෙල් සහ බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනාධාරය ලබා දීම, අස්වැසුම් සඳහා සුදුසුකම් ඇතත් මෙතෙක් ප්‍රතිලාභ නොලැබූ පිරිස සම්බන්ධයෙන් නැවත වතාවක් සමාලෝචනය කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ප්‍රකාශ කර තිබේ.
“මේ ආකාරයට හිතා මතා කඩා වට්ටපු ආර්ථිකය තුළ ජනතාවට සහන ලබා දීමට මෙය මදි. නමුත් ආරම්භයක් වශයෙන් මෙම වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදි තව දුරටත් සමාලෝචනය කරමින් තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටිනවා.”
අද (21) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.