නිවැරදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමෙන්ම ජනතාවට සත්‍ය පවසන, අවංක එකම ජනාධිපති ධුර අපේක්ෂකයා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා බවට තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.
“අපි දිලිත් ජයවීර කඳවුර තෝරගන්න එක හේතුවක් අපි පෙන්වනවා. ඒ හේතුව තමයි ඇත්ත කියන නායකයෙක් අපේ රටට අවශ්‍යයි.
මේ මැතිවරණයට නාමයෝජන භාරදීපූ මොහොතේම වත්තම් බැරකම් ප්‍රකාශ තුළින්ම කවුද ඇත්ත කියන්නේ, බොරු කියන්නේ කියලා රටට හෙළිදරව් වුණා. ඒක නිසා ඇත්ත කියපු නායකයෙක් වටා තමයි අපි එකතු වෙලා ඉන්නේ”.
සර්වජන බලයේ මාතර වැලිගම පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් වීරසුමන වීරසිංහ මේ බව ප්‍රකාශ කළේය.