ජනතාවට අද සිට කොවිඩ් එන්නත….! අවදානම වැඩි බස්නාහිරින් ඇරඹේ…!

February 15, 2021 at 3:01 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද (15) සිට මෙරට සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු ආරම්භ කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙම එන්නත අද දිනයේ සිට ලබාදීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අතර කොළඹ අයි.ඩි.එච්. රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දිමේ නිර්දේශ වෙනස් වන බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *