ජනතාවගේ ප්‍රමුඛතාව අපේ ප්‍රමුඛතාවයි….! සමහර විට පියෙකුට වගේ අමිහිරි තීන්දු ගන්න වෙයි….! – ඇමැති ධූරයේ දිවුරුම් දුන් බැසිල්ගෙන් පණිවිඩයක්……..

July 8, 2021 at 6:45 pm | by emanisa.lk

තමන් කටයුතු කරන්නේ ඇමතිවරයා ලෙස නොව ඔබගේ සහයකයා ලෙස බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමින් පැවසුවේය.

තමන්ගේ ප්‍රමුඛතාව වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතා බවත් ඔවුන්ගේ ප්‍රමුඛතාව අපගේ ප්‍රමුඛතාව බවත් මෙහි දී ඇමැති රාජපක්ෂ අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් මෙය අපහසු කාර්යයක් වන අතර ඇතැම් විට පියෙක්ට මෙන් අමිහිරි දේවල් කිරීමට සිදු විය හැකි බවත් ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් යැයි බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

”මෙතැනදී මම වැඩ කරන්නේ ඇමතිවරයා හැටියට වැඩ ඔබගේ සහායකයෙක් හැටියට. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය මඟපෙන්වීම අපට අත්‍යවශ්‍යයි. ඒ වගේ ම සියලුම මහජන නියෝජිතයින් සියලු දෙනාගේ සහය අවශ්‍යයි.

මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලු දෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාව වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවන්. ඔවුන්ගේ ප්‍රමුඛතාව අපේ ප්‍රමුඛතාවයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා.

ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලුදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස