ජනතාවගේ දුප්පත්කම දුගීකම වැඩිවෙලා…! ඒවාට ක්ෂණික විසඳුම් නෑ…! – මෛත්‍රී…

October 16, 2021 at 10:22 am | by emanisa.lk

ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් පසුවන නමුත් ඒ ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් ඇතැයි තමන් නොසිතන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“ජනතාව ඉතාමත් දැඩි පීඩනයක තමා ඉන්නේ. ජනතාවගේ ආර්ථිකයේ දුගීකම, දුප්පත්කම වේගයෙන් වැඩිවෙලා තිබෙනවා.

ඒ තුළ ජනතාවගේ ප්‍රශ්න ඉතාමත් උග්‍රයි ඉතිං. ඒවාට විසඳුම් දෙන්නට ඕනෙ. නමුත් හදිසි, ක්ෂණික විසඳුම් ඇතෙයි කියලා අපට හිතන්න පුළුවන්කමක් නෑ.

ඒක නිසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ තමා ඒවාට විසඳුම් දෙන්නට අවශ්‍ය වෙන්නෙ”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *