එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේය.
ඒ, එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවය.