ඡන්ද වැඩවලට මගේ පින්තූර යොදා ගන්න එපා! තමන් කළ වැඩ කියලා ජනතාවගෙන් ඡන්දේ ඉල්ලන්න! – ජනපති අපේක්ෂකයන්ට නියෝග කරයි…

July 1, 2020 at 11:07 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දැනුම් දී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමන් පින්තූර භාවිත නොකරන ලෙස දැනුම් දෙන ලෙසයි.

එසේම රජ්‍ය සේවයේ නිරත වන කිසිවෙකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවිය යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස