ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාමේ දී පක්ෂ නියෝජිතයන්ට අවශ්‍ය නම් අදාළ රථය පසුපස ගමන් කිරීමේ අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන්නේ ඡන්ද පෙට්ටි නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට ඉඩ ඇති බවට ඇතැම් පාර්ශ්ව මතු කළ සැක සංකා නිසා මෙම තීන්දුව ගත් බවයි.
ඒ අනුව ඡන්ද පෙට්ටි රැගෙන යන රථය පිටුපස ගණන් කිරීමේ මධ්‍යස්ථානය අසල අවසාන පොලිස් මුරපොළ දක්වා අනුමැතිය ලද නියෝජිතයකුට රථයකින් ගමන් කිරීමේ අවස්ථාව හිමි වෙයි.
එසේ ම ඡන්දය ලබා දීමට යාමේ දී කිසිදු ඡන්දදායකයෙකුට සිය ජංගම දුරකතන රැගෙන යාමට අවස්ථාව හිමි නොවන බව ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.