ඡන්ද නෙමෙයි ජනතාවට කන්න දියවු…! අම්මල බඩගින්නේ සියදිවි නසාගන්නවා…! – එජාපය..

November 1, 2021 at 2:38 pm | by emanisa.lk

රට ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බැවින් පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ මොහොතේ ප්‍රමුඛත්වය නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

එජාප සභාපතිවරයා මාධ්‍ය හමුවක දී කියා සිටියේ මේ අවස්ථාවේ දී ඡන්ද පොළට යාමට පෙර ඡන්දදායකයින්ට ආහාර ලබාදිය යුතු බවය.

“දරුවන්ට කන්න දෙන්න බැරිව අම්මා කෙනෙක් දරුවෝ එක්ක සියදිවි හානි කරගෙන කියලා මට ආරංචි වුණා. අද ජාතිය මුහුණ දෙන අර්බුදය විසඳා නොගතහොත් මෙවැනි පුවත් අපට තවත් අසන්නට ලැබේවි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *